Annual Trip "Kelaniyen Hanthaneta 2024" with University of Kelaniya Level 3 Undergraduates (Ex)

Опубликовано: 29 Декабрь 2024
на канале: ComputerScienceLK by Malitha Dilshan
1,089
100

කැලණියෙන් හන්තානට 2024
---------------------------------------------------
කැලණි උසස් අධ්‍යාපන ආයතනයත් Computerscience.lk හී ආදරණීය සිසු දරු දැරියන් සමගින් 2024 වසරේ දින දෙකක හන්තාන චාරිකාව මෙසේ නිම විය. 2018/19 අවසන් වසර සිසුන් සමග 2020/21 සිසුන් කිහිප දෙනෙකුත් එකතුවෙමින් නෙල්ලිගල, ශ්‍රී දලදා මාලිගාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා හන්තාන තරණය කරන ලද්දේ ඉතාම සතුටෙන් බව නොවනුමානයි. හන්තාන පුහුණු ආයතනයේ නවාතැන්ගත් අතර එහිදී නොයෙකුත් ක්‍ර්‍රීඩා හා ක්‍රියාකාරකම් වල නිරතවුනි. පාන්දර 4 වන විටත් නිදි නැතිව ගිණි මැලයක් ලග සිංදු කියමින් සතුටෙන් ඉන්නට තරම් මේ ගමන සියලු දෙනාටම ආදරණීය ගමනක් වූ බවට සහතිකයි. පසුදින උදෑසන 7 වන විටත් උදෑසන තේ එක සූදානම් කරමින් තමන්ගේ සගයන් පිබිදූවේ එදා උදෑසන හන්තාන කදු තරණයට සූදානම් වෙමිනි. ඉතාමත් සුන්දර තරණයකින්, අවුව වැස්ස ප්‍රීතිය භයානක බව සියලුම දේ හන්තාන කදු මුදුනෙන් ලැබුන එක තරම් සතුටක් මට නම් තවත් නැත. කැලණි විහාරයට පඩුරු දමා අප ආරක්ශා කර දෙන්න කිවූ නිසා වගේම දරු දැරියනේ වාසනාව නිසා කිසිම කෙනෙක්ට හානියක් නැතුව 48 දෙනෙක් පරිස්සමට කදු තරණය කර අත්දැකීම් සමග පහලට ආවේ සිනහමුසු මුහුනෙනි.
මතක් කල යුතුයි,
සිසුන් වෙනුවෙන් හන්තානට ආව නිහාල් සර්,
සංවිදානය සදහා මාරම මහන්සියක් ලබාදුන් ආදරණීය 18/19 කණ්ඩායමේ අජිත්, නිමේශිකා, ශශී සහ 20/21 කණ්ඩායමේ නෙත්මි,
හන්තාන පුහුණු ආයතනයේ අනූශා මහත්මිය ඇතුලු සියලුම දෙනා,
සියලුම දෙනා පරිස්සමට කන්ද තරණය කරවූ තනුක සහ එරන්ග,
සියලුම දරු දැරියන් සහ දරු දැරියන් වෙනුවෙන් සහයෝගයට පැමිණී අම්මලා දෙපල,
පරිස්සමට සියලුම දෙනා දවස් දෙකක් තැනින් තැනට එක්ක යන්න කටයුතු කරපු "මාරම්බරී" බස්හී රියදුරුවන් දෙදෙනා,
ස්තූතියි... !!!
නැවත 2025 ගමනකින් හමුවෙනු !!